Skip to content

ඔබේ තොරතුරුවල රහස්‍යභාවය පවත්වා ගැනීම අතුරුදහන් වූ සහ උපයෝජනයට ලක්වූ ළමයින් සඳහා වන ජාතික මධ්‍යස්ථානය (සාමූහිකව “NCMEC,” “අපි,” “අපට,” හෝ “අපගේ”) සඳහා වැදගත් ය. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය (“රහස්‍යතා ප්‍රතිපත්තිය”) නිර්මාණය කර ඇත්තේ, NCMEC විසින් අපගේ Take It Down වෙබ් අඩවිය (“වෙබ් අඩවිය”) වෙත පිවිසෙන ආගන්තුකයන් සහ එහි පරිශීලකයන් පිළිබඳ තොරතුරු එක්රැස් කරන, භාවිත කරන, පවත්වාගෙන යන, අනාවරණය කරන සහ ආරක්ෂා කරන ආකාරය පිළිබඳ තොරතුරු සැපයීම සඳහා වේ. NCMEC හි සාමාන්‍ය රහස්‍යතා පුරුදු පිළිබඳ හෝ NCMEC පිළිබඳ තොරතුරු සඳහා, කරුණාකර අපගේ ප්‍රධාන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

පහත දැක්වෙන අදාළ සබැඳියන් මත ක්ලික් කිරීමෙන් ඔබට මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය ඇතුළත විශේෂිත මාතෘකා වෙත ප්‍රවේශ විය හැක.

 

NCMEC විසින් එක්රැස් කරන තොරතුරු

NCMEC විසින් තොරතුරු එක්රැස් කරන ආකාරය

NCMEC විසින් තොරතුරු භාවිත කරන ආකාරය

NCMEC විසින් තොරතුරු තුන්වන පාර්ශවයන් වෙත අනාවරණය කරන ආකාරය

කුකීස් සහ වෙනත් ලුහු බැඳීමේ තාක්ෂණයන්

ආරක්ෂාව

රඳවා ගැනීම

ළමයින්ගේ පෞද්ගලිකත්වය

තුන්වන පාර්ශවයන් සහ වෙනත් වෙබ් අඩවිවලට සබැඳියන්

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය වෙනස් කිරීම්

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

NCMEC විසින් එක්රැස් කරන තොරතුරු

මෙම වෙබ් අඩවියෙන් අපි දැනුවත්ව ඔබව හඳුනාගත හැකි තොරතුරු එක්රැස් නොකරන්නෙමු.

NCMEC විසින් තොරතුරු එක්රැස් කරන ආකාරය

ඔබ ඡායාරූපයක පූරක අනුවාදයක් අප වෙත ඉදිරිපත් කරන විට, එම පූරකය, හඳුනාගතහැකි තොරතුරු අන්තර්ගත නොවන අනන්‍ය ඩිජිටල් ඇඟිලි සලකුණක් වෙත වෙන් කෙරේ. ඔබ ඉදිරිපත් කරන පූරක අනුවාදය මත පදනම් වූ ඡායාරූපය නැරඹීමට අපට හැකියාවක් නොමැති අතර අප එසේ නොකරන්නෙමු. මීට අමතරව, ඔබ විසින් යම් ඡායාරූපයක පූරක අනුවාදය අප වෙත ඉදිරිපත් කළ විට, ඡායාරූපයේ ගොනු නාමය වෙත අපට බැලිය හැක. එම හේතුව මත, ඔබේ ගොනු නාමය ලෙස, ඔබේ නම හෝ උපන් දිනය වැනි හඳුනාගත හැකි කිසිදු තොරතුරක් ඇතුලත් නොකරන ලෙසට අප ඔබට නිර්දේශ කරන්නෙමු. තවද, අප විසින් කුකීස් භාවිතයෙන් ඔබට වෙබ් අඩවි සමග ඇති සම්බන්ධතා පිළිබඳ සීමිත තොරතුරු ප්‍රමාණයක් එක්රැස් කළ හැක. අපගේ කුකීස් භාවිතය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර පහත දැක්වෙන “කුකීස් සහ වෙනත් ලුහු බැඳීමේ තාක්ෂණයන්” යන ශීර්ෂය යටතේ වන කොටස බලන්න.

NCMEC විසින් තොරතුරු භාවිත කරන සහ සකස් කරන ආකාරය

NCMEC විසින් ඔබේ තොරතුරු, පොදුවේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට සහාය දැක්වීම සඳහා, මෙම වෙබ් අඩවියේ විස්තර කර ඇති කාර්යයන් සඳහා පමණක් භාවිත කෙරේ. අප විසින් දැනුවත්ව පරිශීලකයන්ගේ හඳුනාගත හැකි තොරතුරු එක්රැස් නොකෙරේ; ගොනු නාමයක් හරහා NCMEC වෙත ඔබේ හඳුනාගත හැකි තොරතුරු ඔබ ඉදිරිපත් කරන තාක් දුරට, එම හඳුනාගත හැකි තොරතුරු මෙම ප්‍රතිපත්තිය තුළ හඳුනාගත් සීමිත කාර්යයන් සඳහා සකස් කරනු ලැබේ.

NCMEC විසින් තොරතුරු තුන්වන පාර්ශවයන් වෙත අනාවරණය කරන ආකාරය

NCMEC විසින් තොරතුරු පහත දැක්වෙන තුන්වන පාර්ශවයන් වෙත අනාවරණය කළ හැක:

  • තුන්වන පාර්ශවයේ වෙබ් අඩවි. ඔබේ පූරකය කරන ලද ඡායාරූපය අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සඳහා වන ක්‍රියාවලියේ කොටසක් වශයෙන්, යම් තුන්වන පාර්ශවයේ වේදිකාවකින් ඔබේ පූරකය කරන ලද ඡායාරූප ඉවත් කිරීමේ කාර්යය පිණිස, එම ඡායාරූප සඳහා තම පොදු සහ කේතනය නොකළ වෙබ් අඩවි සහ යෙදුම් පරිලෝකනය කිරීමට එම ඡායාරූප භාවිත කිරීමට එකඟ වී ඇති තුන්වන පාර්ශවයේ වේදිකාවන් සමග ඔබේ පූරකය කරන ලද ඡායාරූපය අපි විසින් බෙදාගන්නෙමු ක්ලික් කිරීමෙන් මෙතන.
  • සේවා සපයන්නන්. අප විසින් ඔබේ පූරකය කරන ලද ඡායාරූපය සේවා සපයන්නන් වෙත අනාවරණය කළ හැක. වෙනත් දේ අතර, සේවා සපයන්නන් විසින්, අපගේ වෙබ් අඩවිය පාලනය කිරීමට, සමීක්ෂණ පැවැත්වීමට, තාක්ෂණික සහාය ලබා දීමට, ගෙවීම් පිරිසැකසුම් කිරීමට සහ නියෝග සපුරාලීමට සහාය දැක්වීමට අප වෙත සහාය විය හැක.
  • නීතිය බලාත්මක කිරීම. අප විසින් ඔබේ පූරකය කරන ලද ඡායාරූපය, සිතාසි, වරෙන්තු හෝ අධිකරණ නියෝගවලට ප්‍රතිචාරයක් වශයෙන් හෝ, යම් නෛතික ක්‍රියාවලියක් සම්බන්ධයෙන් හෝ අදාළ නීතිවලට අනුකූල වීම සඳහා අනාවරණය කරනු ලැබිය හැක. තවද, අපගේ අයිතීන් ස්ථිර කර ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම, නෛතික හිමිකමක් ආරක්ෂා කරගැනීම, සිදු කළ හැකි නෛතික කටයුතු, සැකසහිත වංචාවක්, පුද්ගලයකුගේ හෝ දේපළක සුරක්ෂිතභාවය හෝ අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, වැලැක්වීම හෝ ක්‍රියාමාර්ග ගැනීම පිණිස අප විසින් ඔබේ පූරකය කරන ලද ඡායාරූපය අනාවරණය කළ හැක.

කුකීස් සහ වෙනත් ලුහු බැඳීමේ තාක්ෂණයන්

කුකීස් යනු ඔබ වෙබ් අඩවියකට ඇතුළුවන විට ඔබේ පරිඝනකයේ හෝ ජංගම දුරකතනයේ ස්ථාපනය වන කුඩා පාඨ ගොනු වේ. අත්‍යවශ්‍ය කුකීස් නොමැතිව, වෙබ් අඩවිය අප බලාපොරොත්තු වන තරම් පහසුවෙන් ක්‍රියා නොකරනු ඇති අතර, ඔබ ඉල්ලා සිටින සේවාවන් ලබා දීමට අපට නොහැකි විය හැක. අප, ඇතැම් විට “නිතිමතින් අවශ්‍ය” කුකීස් යනුවෙන් සඳහන් කරනු ලබන මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය කුකීස් භාවිත කරන්නෙමු. මෙම වෙබ් අඩවියේ භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය කුකීස් ඔබ ගැන හඳුනාගත හැකි තොරතුරු එක්රැස් නොකරන ආකාරයකින් වින්‍යාස කර ඇත.

අප ඔබගේ හඳුනාගත හැකි තොරතුරු එක්රැස් කිරීම සඳහා අපගේ වෙබ් අඩවිය මත චර්යාමය ප්‍රචාරණ හෝ වෙනත් වර්ගවල කුකීස් භාවිත නොකරන්නෙමු. එම හේතුව මත, මේ අවස්ථාවේ දී, “ලුහු බඳින්න එපා” යන සැකසුම් හෝ වරණීය සංඥා තෝරා නොගන්න වැනි වෙනත් අදාළ යාන්ත්‍රණ සඳහා අපි ප්‍රතිචාර නොදක්වන්නෙමු.

ආරක්ෂාව

තොරතුරු නැතිවීමෙන්, අවභාවිත කිරීමෙන්, සහ අනවසර භාවිතයෙන්, අනාවරණයෙන්, වෙනස් කිරීමෙන් හෝ විනාශ කිරීමෙන් ආරක්ෂා කරගැනීම සඳහා අප විසින් වාණිජමය වශයෙන් සාධාරණ පියවර ගන්නෙමු. කෙසේ වුවද, කිසිදු ආරක්ෂක පද්ධතියක් පූර්ණ වශයෙන් ඇතුළු විය නොහැකි පද්ධති නොවන බව හෝ,ඔබ සපයන තොරතුරු අන්තර්ජාලය හරහා අප වෙත හෝ අප විසින් සම්ප්‍රේෂණය කරන අතරතුර අන්තර් ප්‍රතිග්‍රහණය නොවන බවට අපට සහතික විය නොහැකි බව කරුණාකර අවබෝධ කරගන්න.

රඳවා ගැනීම

මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ දක්වා ඇති අපගේ නීත්‍යානුකූල ව්‍යාපාර කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය වන තාක් කාලයක් ඔබ ගැන සහ ඔබ අපගේ වෙබ් අඩවිය භාවිත කිරීම ගැන තොරතුරු අප රඳවා තබාගන්නෙමු. අප තොරතුරු තබාගන්නා නිශ්චිත කාල සීමාවන් තොරතුරුවල ස්වභාවය සහ අපට එය අවශ්‍ය වන හේතුව අනුව වෙනස් විය හැක. තවද අප අදාළ නීති මගින් නියම කරන ලද, කර්මාන්ත ප්‍රමිතීන් මගින් නිර්දේශ කොට ඇති සහ ගිවිසුම් සහ වෙනත් නෛතික බැඳීම්වල දක්වා ඇති අවශ්‍ය අවම රඳවා ගැනීමේ කාල සීමාව සලකා බලන්නෙමු.

ළමයින්ගේ පෞද්ගලිකත්වය

වෙබ් අඩවිය විසින්, වයස අවුරුදු 13 ට අඩු ළමයින්ගෙන් ඇතුළුව, කිසිවකු පිළිබඳ හඳුනාගත හැකි තොරතුරු එක්රැස් නොකෙරේ. අප විසින් ඔබේ හඳුනාගත හැකි තොරතුරු හෝ වෙනත් බාලවයස්කරුවකුගේ හඳුනාගත හැකි තොරතුරු අනවධාන ලෙස එක්රැස් කරගෙන ඇති බවට ඔබ විශ්වාස කරන්නේ නම්, කරුණාකර 1-800-843-5678 හරහා අප අමතන්න.

තුන්වන පාර්ශවයන් සහ වෙනත් වෙබ් අඩවිවලට සබැඳියන්

අපගේ වෙබ් අඩවියේ තුන්වන පාර්ශවයන්ට අයත් හෝ තුන්වන පාර්ශවයන් විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවි, අන්තර්ගතයන් හෝ සේවාවන් සඳහා සබැඳියන් ඇතුළත් විය හැක. අපට අයත් නොවන වෙබ් අඩවි හෝ සේවාවන්වල රහස්‍යතා භාවිතයන් සම්බන්ධයෙන් අපට පාලනයක් නොමැති බව කරුණාකර සලකන්න. යම් තුන්වන පාර්ශවයේ වෙබ් අඩවියක හෝ යෙදුමක එක්රැස් කරන්නේ කුමන තොරතුරු ද යන්න සහ ඒවා භාවිත කෙරෙන්නේ/හෝ අනාවරණය කෙරෙන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර සඳහා ඔවුන්ගේ රහස්‍යතා ප්‍රතිපත්ති සමාලෝචනය කරන ලෙසට අප ඔබව දිරිගන්වන්නෙමු.

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය වෙනස් කිරීම්

අපගේ භාවිතයන්හි, තාක්ෂණයේ, නෛතික නියමයන් සහ වෙනත් සාධකවල වෙනස් කිරීම් පිළිබිඹු කිරීම සඳහා අප විසින් කලින් කලට මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාල කරනු ලැබිය හැක. මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනස්කම් සිදු කළ විට, ඒවා පළ කිරීමෙන් පසු වහාම බලාත්මක වේ. අපගේ තොරතුරු පිරිසැකසුම් භාවිතයන් පිළිබඳ නවතම තොරතුරු සඳහා කාලානුරූපීව මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය සමාලෝචනය කරන ලෙසට අප ඔබව දිරිගන්වන්නෙමු. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය සැලකියයුතු ආකාරයකින් වෙනස් වන තාක් දුරට, අදාළ නීතිය මගින් නියම කරනු ලබන අවස්ථාවල දී සහ නියම කරන පරිදි නව රහස්‍යතා ප්‍රතිපත්තියට ඔබේ කැමැත්ත අප වෙත ලැබී ඇත්තේ නම් මිස (ප්‍රකාශිතව හෝ ගම්‍යමානව), සාමාන්‍යයෙන් ඔබ අප වෙත තොරතුරු ඉදිරිපත් කරන අවස්ථාවේ දී බලාත්මකව පැවති රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් එම තොරතුරු පාලනය කෙරේ.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

රහස්‍යතා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න තිබේ නම්, අතුරුදහන් වූ සහ උපයෝජනයට ලක්වූ ළමයින් සඳහා වන ජාතික මධ්‍යස්ථානය, 333 ජෝන් කාර්ලයිල් වීඩිය, 125 කාමරය, ඇලෙක්සැන්ඩ්‍රියා, වර්ජීනියා 22314; දුරකතන අංකය 800-843-5678; legal@ncmec.org හරහා NCMEC හි නීති උපදේශක කාර්යාලය හා සම්බන්ධ වන්න.

මෙම රහස්‍යතා ප්‍රතිපත්තියට “බලාත්මක වූ” දිනයක් සහ “අවසන් වරට යාවත්කාල කරන ලද” දිනයක් ඇතුළත් වේ. බලාත්මක වූ දිනය යන්නෙන් වත්මන් අනුවාදය බලාත්මක වූ දිනය අදහස් කෙරේ. අවසන් වරට යාවත්කාල කරන ලද දිනය යන්නෙන් වත්මන් අනුවාදය අවසන් වරට සැලකිය යුතු තරමින් වෙනස් කළ දිනය අදහස් කෙරේ.

 

බලාත්මක වූ දිනය. 2022 දෙසැම්බර් 30

අවසන් වරට යාවත්කාල කරන ලද දිනය. 2022 දෙසැම්බර් 30